Home » Archives by category » Cat2

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 25තෙක් රිමාන්ඩ්………….

ලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මේ මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (13) නියම කළේය. හදිසි රෝගී තත්ත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්‍ෂණය සඳහා එහි ගිය මහේස්ත්‍රාත් සහබ්දීන් මහතා සැකකරු [...]

මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදේ ධීවර කටයුතු වලින් වළකින්න…………

මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අද (12) දවස තුළ ද අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සදහන් කළේ අද (12) සවස 6 පමණ වන තුරු මෙම මුහුදු ප‍්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. එසේම බස්නාහිර, [...]

Read More

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සැකපිට අත්අඩංගුවට………

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි. පසුගිය 6 වන දින බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරනු [...]

Read More

මියගිය ධිවරයින්ගේ ගණන 27 දක්වා ඉහලට……………

පසුගියදා ඇතිවූ වැසි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයන්ගේ සිරුරු 27 ක් මේ වනවිට සොයාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ධීවරයින් 29 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේදී දිවයිනේ දකුණු වෙරළබඩ ප‍්‍රදේශවලට බලපෑ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් ධීවර ප‍්‍රජාව [...]

Read More

විශේෂ පනත් කෙටුම්පතින් උතුරේ වැසියන්ට වාසි රැසක්………..

අවතැන් වූ පුද්ගලයින් ලියාපදිංචි කර අතිරේක ඡන්ද හිමි ලේඛනයක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ පනත් කෙටුම්පත මගින් උතුරේ ජනතාවට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බව අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවසීය.පුත්තලම් දිස්ත්‍රික් ජනතාව දැනට මුහුණ දෙන ගැටලු පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය. පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට [...]

Read More

කොටකෙතන මව-දියණිය ඝාතනයේ අඹු-සැමි යුවළ මහාධිකරණයට…………

කහවත්ත ප්‍රදේශය භීතියට පත් කරමින් කොටකෙතන මව හා ඇගේ දියණිය අමානුෂිකව ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකාර අඹු සැමි යුවළට විරුද්ධව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. විත්තිකරුවනට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික පරීක්ෂණයක් නොපවත්වා එසේ කෙළින්ම මහාධිකරණය හමුවේ නඩු පවරන ලද්දේ නීතිපතිවරයාට ඇති සුවිශේෂී බලතල මතයි. ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ [...]

Read More

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ …………

රජය එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නිසැකවම උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළා. මැතිවරණය සම්බන්ධයෙන් රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර සංවාදයක් පවතින බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. විදේශ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය [...]

Read More

නුවරඑළියට මහ වැසි තිදෙනෙක් මරුට,අයෙක් අතුරුදන්……………

කන්ද උඩරටට පෙරේදා (13) ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් සිදු වූ ජල ගැලීම් නාය යාම් ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව ඇත. මිය ගිය අය අතර පස් හැවිරිදි දරුවකු හා හත් හැවිරිදි දැරියක සිටින බැව් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ අතර හදිසි ආපදා තත්ත්වයන් නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1122ක [...]

Read More

මහසෙන් සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්…………

දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථාපිතව ඇති මහසෙන් සුළි කුණාටුව හේතුවෙන් මුහුදේ සහ ගොඩබිම තද සුළං සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිටත් මෙම සුළි කුණාටුව පවතින්නේ නැගෙනහිර දෙසින් කිලෝමීටර් 600 ක් පමණ දිවයිනට ළංව කේන්ද්‍රගතව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළි කුණාටුවේ බලපෑම මත ඉදිරි පැය 24 තුළද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට [...]

Read More

ටී.එන්.ඒ. ලියාපදිංචියට නීතිමය බාධාවක්…………….

දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීමට බාධාවක් වී ඇත්තේ නීතිමය තත්ත්වයක් බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්දිරන් පවසනවා. දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ මතභේදකාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ ඒ හේතුවෙන්. එම සන්ධානයේ ප‍්‍රධාන පක්ෂයක් වන ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් හෙවත් තමිල් අරුසු කච්චි මෙම ලියාපදිංචියට සිය විරෝධය පළ කර තිබෙනවා. [...]

Read More