කොළඹ ප‍්‍රදේශයට හෙරොයින් බෙදාහරින කෝටිපති ව්‍යාපාරිකයා පිටුපස කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු සිටින බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප‍්‍රශ්ණ කිරීම් වලදී මේ බව අනාවරණ වූ බව පොලීසිය පවසයි.
පසුගිය අටවනදා හෙරොයින් තොගයක් සහ රුපියල් ලක්ෂ 40ක මුදලක් රැගෙන යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැණුනේ මුල්ලේරියාව ප‍්‍රදේශයේ දීයි. ඔහුගේ නිවසේ ගබඩා කර තිබූ රුපියල් මිලියන 40ට ආසන්න හෙරොයින් තොගයක් ද එහි දී සොයා ගැණින. එම නිවසේ සිටි කාන්තාවක් ද සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.
කොළඹ නගරයට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ක‍්‍රියාවලිය පිටුපස තොටළග චූටි නැමති පාතාල කල්ලි නායකයෙකුද සිටින බව පොලීසිය පවසයි. පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය පැවසුවේ ඔහු කලක් අතුරුදන්ව සිටි බවයි . නමුත් ඔහු මේ වන විට අදාල කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයාගේ ආරක්ෂාව යටතේ සැගවී සිටින බව වාර්තා වේ. ඔහු අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.
Share