අැමරිකාෙව් හිටපු නිතිපති ෙකාටි ෙවනුෙවන් සන්ධානගත ෙවයි ………..

ඇමරිකාවේ හිටපු නීතිපතිවරයෙකු වන රැම්සි ක්ලාක් එල්.ටී.ටී.ඊ.යට අනුබද්ධ සංවිධානයක සාමාජිකත්වය සහ තනතුරක් ලබාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊලම සදහා වූ අන්තර්වාර ආණ්ඩුව නැමැති මෙම සංවිධානයේ සෙනෙට් මණ්ඩල සාමාජිකත්වයක් ඔහුට හිමි වී ඇති බවයි. ඡායා ආණ්ඩුවක් ලෙස කි‍්‍රයාත්මක එම සංවිධානයේ අගමැති ධුරය හිමිව ඇත්තේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා යැයි කියා ගන්නා රුද්‍රකුමාරන්ට බව ද එම වාර්තාවල දැක්වෙනවා. ඔහු විසින් හිටපු ඇමරිකානු නීතිපතිවරයා මෙම තනතුරට පත් කිරීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම සංවිධානය එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ ලොව කිසිඳු ප‍්‍රබල රටක් තවමත් පිළිගෙන නැහැ. ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන බ‍්‍රයන් සෙනෙවිරත්න නැමැති ශ‍්‍රී ලංකිකයෙකු ද එහි සාමාජිකත්වය දරන බව අදාළ වාර්තාවල දැක්වුණා. කොටි හිතවාදී මෙම සංවිධානය රටවල් 12ක කි‍්‍රයාත්මක වන බව ද අනාවරණය වී තිබෙනවා.