එජාප මඩකලපු අපේක්ෂකයා , නිදහස් සන්ධානයට එක්වෙයි …………

මඩකළපුවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ආරුමුගන් ජයකුමාර් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළකරයි.

ඊයේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණි ඒ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඒ බව සඳහන් කළේය. දශක 3ක ත්‍රස්තවාදයෙන් විනාශ වූ උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීමට සහ එහි ජන ජීවිතය ගොඩනැංවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළට සහාය දැක්වීම මාතෘ භූමියට ආදරය කරන සියලු දෙනාගේ වගකීම බැවින් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ හා එක්වීමට තමන් තීරණය කළ බව මෙහිදී ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේය