රනිල්ට හා තිස්සට වාරණ නියෝගයක්………………….

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට සහ එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද (15) වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ නුවරඑළිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අමිර්දීන් අබ්දුල් හසීස් විසින් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවයි. තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ නායකවරයා සහ මහ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවයි නුවරඑළිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අමිර්දීන් අබ්දුල් හසීස් අධිකරණය හමුවේ පැමිණිලිකර සිටියේ. තමන් කම්කරු ජාතික සංගමයේ සාමාජිකයෙක් බව පවසා මෙසේ පක්ෂයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බව එම පැමිණිල්ලේ සඳහන්. පැමිණිල්ල සළකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.වයි.එම්. ඉසදීන් ලබන 29 වැනි දින දක්වා මෙම වාරණ නියෝගය නිකුත් කළා.