ලාභ නැතත් අපිට වැටුප් අවශ්‍යමයි- අාත්මාර්ථකාමී ඩිෙපා් ෙස්වකෙයා් කියති………..

තමන්ට ලැබිය යුතු ජුනි, ජූලි මාසවල වැටුප මතෛක් ලබා නොදීමට එරෙහිව ශ්‍රී ලංගම කැකිරාව ඩි‍පෝවේ සහ දෙහිඅත්තකණ්ඩිය ඩි‍පෝවේ සේවකයින් පෙරේදා (14) සිට ආරම්භ කර ඇති ත්තිය ක්‍රියා මාර්ගය සිය ඉල්ලිම් ලබා දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජනයේ නිරත සේවකයෝ පවසති.
කැකිරාව ඩි‍පෝවේ සේවකයින් තිදෙනෙකු එහි ගොඩනැගිල්ලක වහලය මත නැගි උපවාසයක් ආරම්භ කර තිබූ අතර එහිදි දැඩි ලෙස රෝගාතුරවු එම සේවකයින් තිදෙනා (15) කැකිරාව රෝහලට ඇතුලත් කිරිමට සෙසු සේවකයෝ පියවර ගෙන තිබේ. මෙයට මාස තුනක කාලයක් තිස්සේ තම මාසික වැටුප නිසි පරිදි නොගෙවන බව පවසමින් සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව තිබෙන අතර බස් රථ ධාවනයද ඇහිට තිබේ.