එජාපය පාලන බලය ගත්ෙතාත් මුලින්ම කපන්ෙන් සමෘද්ධියයි- අැමති එස් බී කියයි …………..

බැරිවීමකින් හෝ නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් මුලින්ම මේ රටින් අකාමකා නැතිකර දමන්නේ සමෘද්ධි ව්‍යාපාරය බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා කියා සිටියි.

උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් කාර්යාල භූමියේ (12) පැවැති ජනහමුවක් අමතමින් එස්. බී. දිසානායක මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

රනිල් වික්‍රමසිංහ මහතා එදා “යළි පුබුදමු ශ්‍රී ලංකා” හරහා මේ රටේ හත්ලක්ෂ අනූදහසක් වූ රාජ්‍ය සේවය හාර ලක්ෂය දක්වා අඩු කළා. වසර පහක් යනතුරු රාජ්‍ය සේවයට තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනමින්වත් අඩුම තරමේ කිසිවෙකුත් බඳවා ගත්තේ නෑ.

අද රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ ඉල්ලීම සාධාරණ බව කියනවා. වැටුප් වැඩිකරන්න කියනවා. නමුත් වසරින් වසර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ් වැටුප් වැඩිකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ එක සතයකින්වත් එහෙම වැටුප් වැඩිකළේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ජනතාවගේ ලෙයින් කඳුලින් දහදියෙන් ගොඩනැගුන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් මහා භීෂණකාරී ප්‍රචණ්ඩත්වයක් අපේ අයට එදා එල්ල වුණා. ඒ තුළ ජීවිතත් එක්ක මරණයත් එක්ක දිගුකාලීන සටනක් කරලයි පොදු ජන එක්සත් පෙරමුණ ගෙන ආවේ.

ලොව දරුණුතම ගරිල්ලා සංවිධානයක් විනාශ කර දමා අතිගරු ජනාධිපතිතුමන් අද මේ රට තීරණාත්මක තැනකට ගෙනවිත් තිබෙනවා. අද මේ රට වේගයෙන් දියුණුවේගෙන යනවා. තවත් වසර පහක් යනකොට මේ රට දුප්පත්කමින් මිදුනු රටක් තත්ත්වයට පත්වෙනවා.

ඒක නිසා රට ඉදිරියට ගමන් කරද්දී සංවර්ධනය කරා, වේගවත් දියුණුවක් කරා ගමන් කරමින් සිටි මොහොතක සියලු දෙනා එක්ව ඒ ගමන යන්න පෙරට එන්න යැයි ද ඇමැතිවරයා කීය. උතුරුමැද හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් හා අති විශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගි වූහ.