ලංකාෙව් පුනරුත්තාපන වැඩපිලිවල ෙලාවට අාදර්ශයක්- අැමරිකාව කියයි …………..

දහස් සංඛ්‍යාත එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනරුත්ථාපනය සඳහා ශශ්‍රී ලංකාව යොදාගත් ක්‍රමවේදය ලෝකයේ අනෙකුත් රටවල් ආදර්ශයට ගත යුතු යැයි අමෙරිකානු මහාචාර්ය එරික් රැග්ලන්ස්කි මහතා පැවසී ය.

ත්‍රස්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් තමන් වසර ගණනාවක සිට අධ්‍යයනය කරන බවත් ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම දකුණු ආසියාවේ ජයග්‍රහණයක් බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වෙන ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව අමතමින් මහාචාර්යවරයා ඊයේ (10) මෙම කරුණු අනාවරණය කළේය. ත්‍රස්තවාදයෙන් මුදාගත් රට සංවර්ධනයෙන් හා සංහිඳියාවෙන් යළි ගොඩනැඟීමේ ශ්‍රී ලංකා ක්‍රියාවලියේ අත්දැකීම් බෙදා ගැනීම අරමුණු කර ගනිමින් මෙම සමුළුව පැවැත් වේ.

ඉකුත් 08 වනදා ආරම්භ කෙරුණු මෙම සමුළුව ඊයේ (10) අවසන් විය. මේ සඳහා රටවල් 42 ක ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටිති. එහිදී මහාචාර්ය එරි ක්රැග්ලන්ස්කි මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය මෙරටට සුවිශේෂි එකක්. ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයක් ගොඩබිම සටන් මාර්ගික ක්‍රමවේදයකින් පරාජය කිරීමෙන් අනතුරුව යි ශශ්‍රී ලංකාව ගරිල්ලා සාමාජිකයින් පුනරුත්ථාපනය ආරම්භ කළේ.

එවැනි තත්ත්වයක් යටතේ යළි සටනකට හිස එසවීමේ කිසිදු ඉඩක් ඉතිරි කර නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව දැන් සතුටින් ජීවත් වෙනවා යි කියන්න විද්‍යාත්මක ක්‍රම වේද අවශ්‍ය නැහැ. ඒ වගේම සෑම කෙනෙකුගේම මුහුණේ පිරී ඉතිරී තිබෙන හිනහව එය කියා පානවා. එයින් පෙනෙන්නේ ශශ්‍රී ලංකාවේ ක්‍රමවේදයේ විශිෂ්ටත්වය යි. ලෝකයටම මෙය ආදර්ශයක්.

.