ටෙසෝ හෙවත් දෙමළ ඊළාම් සහයෝගීතා සමුළුව ලෙසයි. කෙසේ වෙතත්, නව වාමාංශික පෙරමුණේ නායක වික්රමබාහු කරුණාරත්නට ටෙසෝ සමුළුවට සහභාගිවීමට ඉන්දියාවට යාම සඳහා අද (10) වීසා ලබාගැනීමට හැකි වුණා.
තමිල්නාඩු හිටපු මහඇමති මුත්තුවෙල් කරුණානිධි විසින් සංවිධානය කර ඇති මෙම සමුළුවට ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්ට ද ආරාධනා කර තිබුණා. එහෙත් ඔහු ඊට සහභාගි වන්නේ නැහැ.
මෙම සමුළුවට දෙමළ ජාතික සන්ධානයට ද ආරාධනා ලැබී තිබුණත් ඔවුන් ඊට සහභාගි නොවන බව අප කළ විමසීමකදී ප්රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සුරේෂ් පේ්රමචන්ද්රන් කියා සිටියේ ඒ සඳහා හේතුවක් දැක්විය නොහැකි බවයි.