අපරාධ මඩින වැඩපිලිවලට බිෙය් පාතාලකරුෙවා් විෙදස්ගත ෙවති…

කොළඹ සහ රටේ බොහෝ ප්‍රදේශවල විවිධ අපරාධවලට සම්බන්ධව සිටි නඳුන්, ප්‍රදීප්, බයියා, දිගාෆයිසර්, කොට ගාමිණී, කුඩු ලාල්, බඩ සුදා යන පාතාල නායකයන් විදේශ රටවලට පලාගොස් ඇති බව පොලිස් බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබේ.

මීට වසර දෙකක පමණ කාලයේ සිට පාතාලය සම්පූර්ණයෙන් මෙරටින් තුරන් කිරීම සඳහා පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ හොර රහසේ මෙම පාතාල නායකයන් මෙරටින් පලාගොස් තිබේ. එසේ පලාගිය පාතාල නායකයන් අතරින් ලාල් පීරිස් හෙවත් කුඩු ලාල් එංගලන්තයේ රෙස්ටුරන්ට් එකක් පවත්වාගෙන යයි. නඳුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නඳුන් ඉන්දියාවේ සැඟවී සිටියි.

ප්‍රදීප් ද (ඕල්කොට්ගේ ඥාති පුත්‍රයා) ඉන්දියාවේ සිටියි. ෆාජිගේ මල්ලි බයියා සහ දිගා ෆයිසර් ඉන්දියාවේ විවිධ ජාවාරම්වල යෙදී සිටිති. කොට ගාමිණී ජපානයට පැන ගොස් ඇති බවද හෙළි වී තිබේ. දැනට කොළඹ රැඳී සිටින පාතාල නායකයන් කිහිපදෙනාද මෙහෙයුම්වලට බියෙන් කොළඹින් පිටව ඇති බවටද තොරතුරු හෙළිදරව් වෙයි.

මීට වසර ගණනාවකට පෙර කොළඹ සහ රටේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වු කප්පම් ගැනීම් සහ තවත් අපරාධ රැසක් බෙහෙවින් අඩුවී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.