ජුලම්පිටිය අමරේගේ නම විකුණා කප්පම් ගනී….

ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු මරා දැමීයැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින ජුලම්පිටියේ අමරේ නමින් වලස්මුල්ලේ හතුවල කඩ හිමියකුගේ රුපියල් ලක්‍ෂයක කප්පමක් ගනිද්දී කප්පම්කරුවෝ දෙදෙනෙක් පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
රුපියල් ලක්‍ෂ හතරක කප්පම රුපියල් ලක්‍ෂය දක්වා අඩුකර ඇත.ව්‍යාපාරිකයා කප්පම දෙද්දී පොලීසිය වෙස්වලාගෙන එහි ගියේය.