මම නිතිගරුකයි-ඇමති රිෂාඩ් කියයි………..

තමා නීති ගරුක පුද්ගලයකු බවත් ජනතා ඡන්දයෙන් පත් වූ පුද්ගලයකු වශයෙන් කිසි විටෙකත් නීති විරෝධී වැඩ නොකරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවක දීය.

අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

වසර 1990 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් උතුරේ ස්ථිරව පදිංචිව සිටි මුස්ලිම් ජනතාව පලවා හරිනු ලැබුවා. ඔවුන් එවකට පදිංචි කරනු ලැබූවේ පුත්තලමේ තාවකාලිකව පිහිටුවාගත් අනාථ කඳවුරකයි. මමත් එදා මන්නාරමේ සිට පැමිණි අනාථ දරුවකු ලෙස කඳවුරුගතව සිටියා.

2001 දී බලයට පත් එජාප රාජ්‍ය කාලයේ දී ඉන් සුළු පිරිසක් අනාථ කඳවුරේ සිට මුල්ගම්බිම් බලා පිටත්ව ගියා. ඒ අනුව මන්නාරමේ උප්පුකුලමේ මුලින් පදිංචි කළ මුස්ලිම් පවුල් කිහිපයක් එහි පදිංචි වුණා. ඔවුන් ධීවර ජනතාවයි.

කොටි නායක අමුදන් විසින් කතෝලික ධීවරයන්ටද වාඩි ගහගෙන ධීවර කටයුතුවල නියැළෙන ලෙස එදා නියෝග කළා. ඉන්පසු ඔවුන්ද ධීවර කටයුතුවල නියැළී සිටියා.

2009 වසරේ සාමය උදාවීමත් සමඟ පුත්තලම අනාථ කඳවුරේ සිටි සියලුම මුස්ලිම් ජනතාව ඔවුන්ගේ මුල්ගම්බිම් වන මන්නාරම උප්පුකුලමේ පදිංචියට ගියා. මුස්ලිම් හා කතෝලික ධීවර ජනතාව අතර දිනෙන් දින පොඩි පොඩි ඉඩම් ආරවුල් ඇති වුණා.

ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් 2012.06.12 මන්නාරම ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා වෙඩිතලතිව් කතෝලික ජනතාව දින තුනකින් ඔවුන්ගේ ගම්බිම් වෙත යවන බවට පොරොන්දු වුණා. සති 2 ක් ගත වුවත් විසඳුමක් නොමැති නිසා පසුගිය 18 දින මුස්ලිම් ධීවරයන් උසාවි භූමියට මීටර් 300 ක් පමණ දුරින් උදේ 9 සිට පැය 2 1/2 ක සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

මෙම සිද්ධිය ආරංචිවීමත් සමඟ මම හෙළිකොප්ටරයෙන් මන්නාරම බලා ගියා. එහිදී සිදු වූ සියල්ල ජනතාව මට පැවසුවා.

.