ජූලම්පිටියේ අමරේ යලි රිමාන්ඩ්…………

තංගල්ල ළමා අපචාර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද තංගල්ල මහාධිකරණයේදී හඳුනාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු අද දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අවස්ථාවේදියි ඔහු හඳුනාගෙන ඇත්තේ. හඳුනාගත් 19 හැවිරිදි සැකකරු ආහාර සැපයුම් ආයතනයක හිමිකරුවෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේද සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේ අතර කටුවන ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ දැනට අත්අඩංගුවේ පසුවන ජූලම්පිටියේ අමරේ අද තංගල්ල මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ 1997 වසරේදී මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට ඔහු ලබා තිබූ වරෙන්තුවක් හේතුවෙන්. එහිදී විනිසුරුවරයා විසින් මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ ඇප බැඳුම්කර ඉවත්කළ අතර ජූලම්පිටියේ අමරේ ලබන අගෝස්තු 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළා