ඇමරිකානු හමුදා භටයකු ඇප්ගනිස්ථානයේදී සිදුකල වෙඩි තැබීමකින් පසුගියදා පුද්ගලයෝ 16 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ.
මෙසේ ඝාතනයට ලක්වූ සිවිල් වැසියන් අතර කුඩා ළමුන් 6 දෙනෙකු සිටිම විශේෂත්වයයි.
තිදෙනෙක් කාන්තාවෝ වෙති .
මෙම ආත්ම ඝාතක ප්‍රහාරයත් සමග ඇප්ගනිස්ථාන වැසියෝ ඇමරිකාවට එරෙහි දැඩි උද්ගෝෂණ ආරම්භ කර ඇත .
සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධීපති බැරැක් ඔබාමා ඇප්ගනිස්ථාන ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටියේය .
නමුත් එසේ සමාව ඉල්ලීමෙන් පමණක් මෙම සිද්ධිය සමථයකට පත් කර ගත නොහැකි බව පැවසූ ඇප්ගනිස්ථාන ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් පුඵල් පරික්ෂණවාර්තාවක් අවශ්‍ය බව ඔබාමාට දන්වා ඇත.
මෙම සිද්ධියෙන් පසු දෙරට අතර පැවති ආරවුල් තවදුරටත් උත්සන්න වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති .
ඇමරිකා කුරාණය ගිනි තැබීමෙි සිද්ධියෙන් පසු දෙරට අතර විරෝධතා හට ගැණින .