LANKA eLINK

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 25තෙක් රිමාන්ඩ්………….
ලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මේ මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (13) නියම කළේය.

හදිසි රෝගී තත්ත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්‍ෂණය සඳහා එහි ගිය මහේස්ත්‍රාත් සහබ්දීන් මහතා සැකකරු දිගටම විශේෂ බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ් ජාතික රෝහලේ රඳවා තබන ලෙසට ද නියම කළේය.

පාලනය කළ නොහැකි දියවැඩියාව, අධිරුධිර පීඩනය හා හෘද රෝගයෙන් පෙළෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (13) දහවල් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවට රහස්් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු පරීක්‍ෂා කිරීමට කොළඹ ජාතික රෝහල වෙත ගියේය.

ඊයේ (13) මෝසමක් මගින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසා සිටියේ පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා සැකකරුගේ ශරීර සෞඛ්‍ය පරීක්‍ෂා කරනු ලැබූ බවත් එහිදී මගේ ඇඟට අමාරුවක් දැනෙනවා රෝහලට යන්න ඕනේ කිවූ බවත් එබැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

පළාත් සභාවලට අදාළ හදිසි පනතක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට…………….
පළාත් සභා පනත යටතේ පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ගණනකට ඒකාබද්ධ වීමට හැකි පරිදි පනවා ඇති විධිවිධාන ඉවත් කිරීම සඳහා හදිසි පනතක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස්වූ ඇමැති මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

පළාත් සභා විෂයයට අයත් යම් කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යම් පනතක් ගෙන ඒමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබා ගතයුතු බවට සඳහන් විධිවිධානය වෙනුවට බහුතරයේ කැමැත්ත මත එය කළ යුතු බවට වන යෝජනාව ද ඇතුළුව 13වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන අනෙකුත් යෝජනා සියල්ල පිළිබඳ සියලු පක්ෂවල අදහස් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම කතානායකවරයා සමඟ සාකච්ඡා කර ලබන අඟහරුවාදා සිදු කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (13) තීරණය කැර තිබේ.

නව තේරීම් කාරක සභාව සඳහා ඒ ඒ පක්ෂවලින් පත් කෙරෙන නියෝජිතයන් කවුරුන්ද යන්නත්, සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා දින වකවානු තීරණය කිරීමත් කතානායකවරයා සමඟ කරන සාකච්ඡාවෙන් අනතුරුව සිදු කැරෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (13) පැවැසීය. මෙම තේරීම් කාරක සභාවේ කටයුතු ලබන බදාදා සිට ආරම්භ කෙරෙන බවද හෙතෙම පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නියමිත පරිදි උතුරු පළාත් මැතිවරණය ලබන සැප්තැම්බර් මසදී පැවැත්වෙනු ඇතැයි මෙහිදී පැවැසූ ඇමැතිවරයා යෝජිත සංශෝධන එයට පෙර සම්මත කැර ගැනීමට නියමිත බවත් කීය.

13වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යම් රටක හෝ පිරිසක බලපෑම මත සිදු කළ යුත්තක් නොවන බව රජයේ දැඩි විශ්වාසය බව පෙන්වා දුන් ඇමැතිවරයා එය සිදු කළ යුත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් සියලු පක්ෂවල අදහස් හා යෝජනා මත බවත් කීය. ජාතික ගැටලුවට විසැඳුම් ලබාදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙයට වසර එක හමාරකට පෙර පත් කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ සන්ධානය සහභාගී නොවූ බවද කී ඇමැතිවරයා නව තේරීම් කාරක සභාවටද ඔවුන් ඒ දෙයම කළහොත් එය නොසළකා ක්‍රියා කිරීමට සිදුවන බවත් කීය.

මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදේ ධීවර කටයුතු වලින් වළකින්න…………
මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අද (12) දවස තුළ ද අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සදහන් කළේ අද (12) සවස 6 පමණ වන තුරු මෙම මුහුදු ප‍්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බව ද ඔහු කියා සිටියා.

ජනමාධ්‍යයටවත් කාලගුණේ ගැන තොරතුරු දීලා නෑ- නියෝජ්‍ය ඇමති සරත් කුමාර කියයි ……………..
පසුගියදා ධීවරයන්ට විපත් ගෙන එමින් හමාගිය දරුණු සුළි කුණාටුව පිළිබඳව දැනුවත් කරමින් ධීවර අමාත්‍යාංශයේ සෝදිසි මෙහෙයුම් ඒකකය වෙත 07.06.2013 දාතමින් යුතුව එදින සවස 4.00 හෝ ආසන්න වේලාවකදී කිසිදු ෆැක්ස් ‍පතක් ලැබී නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා කියයි.

දිගින් දිගටම මේ පිළිබඳව ධීවර අමාත්‍යාංශයට චෝදනා එල්ල කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ නිකුත් කරන නිසා සිද්ධියට අදාළ ෆැක්ස් පත කුමක්දැයි ගෙන්වා පරීක්ෂා කළ අතර එය එවූ ෆැක්ස් අංකයද සොයා බැලූ බවත් ඒ අනුව පෙනී ගියේ එම ආයතනය අදාළ ‍ෆැක්ස් පත එවා ඇතැයි පවසන්නේ ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ ෆැක්ස් අංකය වන 011 334168 වෙත බවද ඇමැතිවරයා කියයි.

එය මාධ්‍ය අංකයට අයත් අංකය වුවද සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මඟින් එම අංකය වෙත ෆැක්ස් යොමු කළ නාමාවලිය පරීක්ෂා කර බැලීමේදී එවැනි ‍ෆැක්ස් පතක් එදින එම වේලාවට ලැබී නොතිබුණ බව තහවුරු වී ඇතැයිද ගුණරත්න මහතා පවසයි.

07.06.2013 සවස 4.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති එම නිවේදනයේ මුහුදේ තත්ත්වය පිළිබඳව දැක්වෙන්නේ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැයට කි.මී. 80 ක පමණ දක්වා සුළං ඇතිවන නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස පමණක් බවයි.

එම ෆැක්ස් පණිවුඩය අවසානයේ ‍ෆැක්ස් මඟින් අනාවැකි සම්ප්‍රේෂණය කළ ආයතන යටතේ මාධ්‍ය ආයතන 10ක අංක සටහන් වෙතත් ඒ කිසිදු ආයතනයක් මේ නිවේදනය මඟින් ධීවරයන්ට එදින මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ට දැන්වූ බව පවසා නැති බවද ඇමැතවරයා පෙන්වා දෙයි.

ඊයේ (11) ධීවර අමාත්‍යාංශයේදී මේ විවාදාත්මක කරුණු පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර එහිදී එම ආයතන බහුතරයක් නියෝජනය කරමින් පැමිණ සිටි මාධ්‍යවේදීහු ඒ බැව් සනාථ නොකළහ.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සැකපිට අත්අඩංගුවට………
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි. පසුගිය 6 වන දින බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබුවා. ඒ, පසුගිය මස 22 වන දින බම්බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු පසුගිය 6 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අයත් වුණා. ඊට අමතරව, තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුවන් සියලූදෙනා රැුඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.

අයපහත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 43 දක්වා ඉහලට-මිය ගිය ධිවරයින්ට වන්දි ………..
වැසි කුණාටුව හසුව මිය ගිය ධීවරයින්ගේ සංඛ්‍යාව මේ වන විට 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම ධීවරයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයෙන්. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ තවත් ධීවරයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. ඔවුන් සොයා නාවික හමුදාව අද (11) දිනයේ ද මෙහෙයුම් දියත් කරන බව ඔහු සදහන් කළා.

පසුගිය සති අන්තයේ ඇති වූ හදිසි කාලගුණ විපර්යාසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ, තුවාල සහ අතුරුදන්වීම් පිලිබඳව සොයා බැලීමට කඩිනමින් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම්වරයාට ඊයේ (10) උපදෙස් ලබාදී තිබෙනවා. ධීවර මරණ සිදුවීමට බලපෑ හේතු සහ ආරක්ෂාකාරි කි‍්‍රයාමාර්ග සලසා ගත හැකි වන පරිදි අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව විපතට පත්වූ ජනතාව දැනුවත්ව නොසිටියේ මන්දැයි සොයා බැලීම කමිටුවේ කාර්යභාරයයි. එහි සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ.ඩබ්ලිව් මොහොට්ටාල පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් වන්නේ ඒ. දිසානායක සහ සී. රාජපක්ෂයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (11) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඞී. සුජීව.

මියගිය ධිවරයින්ගේ ගණන 27 දක්වා ඉහලට……………
පසුගියදා ඇතිවූ වැසි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයන්ගේ සිරුරු 27 ක් මේ වනවිට සොයාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ධීවරයින් 29 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේදී දිවයිනේ දකුණු වෙරළබඩ ප‍්‍රදේශවලට බලපෑ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් ධීවර ප‍්‍රජාව දැඩි පීඩාවට පත්වුණා. ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත‍්‍රා 30 ක් පමණ නැවත ගොඩබිමට පැමිණ නැති අතර යාත‍්‍රා 14 ක සුන්බුන් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අද දිනයේදීත් අතුරුදන්වූ ධීවරයින් සොයා නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව මෙහෙයුම් කටයුතු ක‍්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.

අඵයම 1 30 ඇතිවූ සුළග ගැන දැනුම්දීලා තියෙන්නේ උදේ 5 ටයි- කාලගුණය ප්‍රමාදයි …………
දරුණු සුළං තත්ත්වය පෙරේදා (08) අලුයම 1.30ට පමණ ආරම්භ වී ඇතත් ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර අමාත්‍යාංශයේ සෝදිසි මෙහෙයුම් පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන වෙත දැනුම් දී ඇත්තේ එදින උදෑසන 5.00ට පමණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩ බලන ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.

දරුණු සුළං තත්ත්වය ඇතිවූ වහාම ඒ බව දැනුම් දුන්නේ නම් මීට වඩා ධීවර ජීවිත හානි වළක්වා ගැනීමටද බෝට්ටු හා උපකරණ ආදියටද හානි නොවන පරිද්දෙන් ගොඩබිමට ගෙන්වා ගැනීමට තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

ධීවරයන් වෙනුවෙන්ම වූ සෝදිසි මෙහෙයුම් පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන 10ක් රට පුරා ධීවර ප්‍රදේශවල තිබෙන අතර මේ සුළං තත්ත්වය නිසි පරිදි සන්නිවේදනය වූයේ නම් මෙබඳු විපතකට අද එම ජනතාව මුහුණ නොදෙන බවද ඇමැතිවරයා කීවේය.

යල්පැනගිය උපකරණ මඟින් කටයුතු කරන ආයතන නිසා නිසි පරිදි කාලගුණ තත්ත්වය පිළිබඳ දැන ගැනීමට රටේ ජනතාවට ඇති අයිතිය අහිමි වීම නිසා ධීවර ප්‍රජාවගේද ජන ජීවිතය අඳුරු වී ගිය බවද මේ සිද්ධියෙන් තහවුරු වන බවද ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.

මෙවැනි විපත් සිදු නොවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නව තාක්ෂණ උපකරණ මෙන්ම තව තවත් දැනුමෙන් පරිපූර්ණ වූ නිලධාරීන්ද යොදා ගන්නා ලෙස ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

ධීවර අමාත්‍යාංශ ලේකම් හා ධීවර අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් ඊයේ (9) සිට විපතට පත් ධීවරයන්ගේ ප්‍රදේශ වෙත ගොස් ජීවිත හානි, දැල් ආම්පන්න හානි පිළිබඳ සොයා බලා ඔවුන් වෙත වියළි සලාක ලබාදීම පිළිබඳවද සොයා බැලීය.

විශේෂ පනත් කෙටුම්පතින් උතුරේ වැසියන්ට වාසි රැසක්………..
අවතැන් වූ පුද්ගලයින් ලියාපදිංචි කර අතිරේක ඡන්ද හිමි ලේඛනයක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ පනත් කෙටුම්පත මගින් උතුරේ ජනතාවට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බව අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවසීය.පුත්තලම් දිස්ත්‍රික් ජනතාව දැනට මුහුණ දෙන ගැටලු පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට නියමිත මේ පනත මගින් තාවකාලිකව පදිංචිව සිටින ජනතාවට තමන් කලින් පදිංචිව සිටි ප්‍රදේශයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

2009 වසර වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් දහනම දහසක් (19000) පදිංචිව සිටි බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා රජයේ වැඩපිළිවෙළ යටතේ එම සංඛ්‍යාව පවුල් 3145 දක්වා අඩු වී ඇති බවද පැවසීය.

යුද්ධයෙන් අවතැන් එම පවුල්වල ජනතාවගේ කටයුතු ඉටුකර ගැනීම සඳහා පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද මේ සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

අවතැන් වූ ජනතාවගේ සේවා ඉටුකිරීමේ දී සහායවන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ග්‍රාම නිලධාරීන් ගේ හා අනෙකුත් රජයේ නිලධාරීන්ගේ කාර්ය භාරය පිළිබඳව ද මෙහිදී අවධාරණයට ලක් කෙරිණි.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුතලිබාවා ෆාරුක් මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

තායිලන්ත අගමැතිනිය දිවයිනට පැමිණෙයි………..
දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැතිනි යින්ග්ලූක් ෂිනවත‍්‍රා අද (31) දිවයිනට පැමිණීයාය. ශ‍්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණි තායිලන්ත අගමැතිනිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සමග ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. තායිලන්ත අගමැතිනිය අද පස්වරුවේ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව වෙතට ද පැමිණීමට නියමිතයි. එහිදී ඇය පාර්ලිමේන්තු සභාව අමතනු ඇති. මීට පෙර යින්ග්ලූක් ෂිනවත‍්‍රාගේ සහෝදරයා වන හිටපු තායිලන්ත අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රා ද 2002 වසරේදී ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී පාර්ලිමේන්තු සභාව අමතනු ලැබුවා. පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව තායිලන්ත අගමැතිනිය මහනුවර බලා පිටත්ව යාමට නියමිත අතර,  එහිදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතව තිබෙනවා.